අනුරාධපුර නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සරත් කුමාර මුණසිංහ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ අනුරාධපුර සිංහ සමාජයේ සංවිධානයෙන්, අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 400 ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරිණි.
මෙම බෙහෙත් තොගය පරිත්‍යාගය, සරත් මුනිසිංහගේ මහතාගේ 55වන උපන්දිනය සහ සිංහ සමාජයේ පනස් 56වන සංවත්සරය නිමිත්තෙන් සිදු කෙරුණු අතර, එම ඖෂධ තොගය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත නිල වශයෙන් ලබා දීම ඊයේ (21දා) රෝහල් පරිශ්‍රය තුලදී සිදු කෙරිණි.
රෝහල්වල ඖෂධ හිගය පැවති පසුගිය වසරේ සිට මේ දක්වා කිහිප වතාවක්ම ඒ මහතා , සිංහ සමාජය හා එක්ව මෙසේ රෝහලට අත්‍යවශ්‍ය වූ බෙහෙත් වර්ග පරිත්‍යාග කිරීම සිදු කරන ලදී.
ගුණාත්මක බවින් ඉහල මහා බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද ළමා, හෘද, පිළිකා ආදී ඇතුළු අනිත් රෝග සඳහාද අත්‍යවශ්‍ය වන ඖෂධ හා විටමින් වර්ග තොගයක් මෙලෙස ප්රදානය කෙරිණි.
ඉදිරියේදී ද තවත් ප්‍රජා සත්කාරයන් සිංහ සමාජය හා එක්ව රෝහල වෙත ප්රදානය කිරීමට තමන් බලාපොරොත්තු වන බව සරත් කුමාර මුණසිංහ මහතා මෙහිදී සඳහන් කල අතර ඒ සඳහා සිංහ සමාජය හා බැංකු පද්ධතියේ සහාය ලබා ගන්නා බවද සඳහන් කළේය.
එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් සිදු කරන අතර හැකියාවන් ඇති සෑම අයෙක්ම උපන් සාදවලට වැය කරන අනවශ්‍ය වියදම් නවතා මේ වැනි සත්කාරයන් වල නියැලෙන්නයි ඉල්ලා සිටින ඒ මහතා එය සමාජයට පූර්වාදර්ශයක් වුව හොත්, හිඟයකින් තොරව ඖෂධ අනුරාධපුර ජනතාවට ලබා දීමට හැකි වනු ඇතැයි ද පැවසීය.